17 July 2025

logo

මී උණ රෝගීන් ගැන භයානක හෙළිදරව්වක්



දිවයින පුරා මී උණ රෝගීන් ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. 

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මෙම අදහස් පළ කළා.

(colombotimes.lk)