ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වටවල ප්‍රදේශයේදීයි.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා, අවුරුදු 04ක් සහ අවුරුදු 02ක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර තිබෙනවා.
අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
(colombotimes.lk)