01. ඇල්ලේ මාරක බස් රථ අනතුරෙන් මියගිය ගණන ඉහළට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයන් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයත් 18දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 9දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 6දෙනෙක් සිටින බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම පිරිමි පුද්ගලයන් 11දෙනෙක් සහ කාන්තාවන් 7දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5දෙනෙක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා.
02. විදේශ සංචිතවල සුළු වැඩිවීමක්
2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2025 ජූලි මාසය අවසානයේදී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.3% වර්ධනයක් බවයි වාර්තා වන්නේ.
03. මාරක බස් අනතුරෙන් මිය ගිය තවත් පිරිසක් ගැන අනාවරණයක්
ඇල්ල බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු නගර සභා සේවකයන් 13දෙනෙක් මියගොස් තිබෙන බව පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසනවා.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා.
බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙක් සහ බස් රථයේ රියදුරුද සිටින බවයි.