ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ අයගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත් කිසිදු පුද්ගලයෙක් ජීවිත අවදානමක නොමැති බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වූ සියලුදෙනාට තමන් ස්තූතිවන්ත වන ලෙසයි.
එමෙන්ම හමුදාවෙන් සහ ඇල්ල ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් සහයෝහය පිළිබඳව ද එහිදී ඔහු සිය කෘතඥතාවය පළ කර තිබෙනවා.
(colombotimes.lk)