20 January 2026

logo

නැගෙනහිර යුරෝපයේ Google සේවාවන් බිඳ වැටෙයි



නැගෙනහිර යුරෝපයේ Google සේවාවන් බිඳ වැටීමකට ලක්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Google ආයතනය මඟින් සපයන YouTube ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිද වැටීමට ලක්ව තිබෙන බවයි. 

තුර්කිය, ග්‍රීසිය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසකට මෙම බිඳ වැටීම වාර්තා වී තිබෙනවා. 

කෙසේවෙතත් මේ වන විට බිඳ වැටීමට ලක්ව තිබූ Google සේවාවන් යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)