20 January 2026

logo

ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට චෝදනාවක්



චීනයේ 80වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා. 

ඒ එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය චීනයට යටත් වීමේ 80වන සංවත්සරය සනිටුහන් කළ හමුදා පෙළපාළිය අද (03) චීනයේදී පවත්වා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපති ෂී ජිංපින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම යුද සැමරුමට සහාභාගී වූ බවයි.

(colombotimes.lk)