05 September 2025

logo

ඇල්ලේ බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි මුදලක්



ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති බවයි. 

(colombotimes.lk)