14 May 2025


සෙංකඩගල මැණිකේ නිසා උඩරට ගමනට බාධා



දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)