ඉන්දුනීසියාව ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමක මෙය සක්‍රීය වී ඇති බවයි.
සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් 7ක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කිලෝමීටර 11ක් දුරට අහස අළු වළාකුළු වලින් වැසී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයන් 09දෙනෙක් මිය ගොස් ඇති බවයි.
(colombotimes.lk)