යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබෙනවා.
ඒ එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හීදීයි.
යුක්රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම එම හමුව පැයකට ආසන්න කාලයක් පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
නායකයන් දෙදෙනා අතර සිදුවූ සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව Volodymyr Zelenskyy ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)