ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ නොකිරීමට ඉඩ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ ලබන බදාදා වන විට සාකච්ඡා මඟින් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් එසේ කිරීමට සිදු වන බවයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් වරක් යුදමය ක්‍රියාමාර්ග ආරම්භ වීමේ අවදානමක් මතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරාන ආරංචි මාර්ග සඳහන් කළේ දෙපාර්ශවය අතර දෙවන වටයේ සාකච්ඡා ලබන සඳුදා පැවැත්වීමට නියමිත බවයි.
(colombotimes.lk)
