17 June 2026

logo

ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක ජල කප්පාදුවක්



උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
 
එම මණ්ඩලය සඳහන් කළේ උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු වන බවයි. 

ඒ අනුව උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට අද (17) පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 


(colombotimes.lk)