2026 කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද පැවැත්වුණා.
ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ඒ අනුව මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.
එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය නිලක්ශිකා සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත්වුණා.
මෙය වාර්තා අතරට එක්වුණේ කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියකදී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ මංගල ජයග්‍රහණය ලෙසයි.
(Colombotimes.lk)