17 June 2026

logo

නගර 10ක් ජීවන නගර ලෙස සංවර්ධනයට සැලසුම්



නගර 10ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
 
එහි අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් දිසානායක සඳහන් කළේ පසුගිය අයවැය යෝජනාවකට අනුව එම නගර සංවර්ධනය කරන බවයි.

ජීවන නගර ලෙස එය නම් කර තිබෙනවා. 

මේ යටතේ යාපනය, වව්නියාව, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, බදුල්ල, ඇහැළියගොඩ සහ මාතර යන නගර විධිමත් සංවර්ධනයකට ලක් කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)