වයඹදිග චීනයේ චින්හයි ප්‍රාන්තයේ හයිසි ප්‍රදේශයට රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබලතාවයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක ගැඹුරකින් සිදු වී තිබෙන බවයි.
ඉන් පසුව රික්ටර් පරිමාණ 5ක පමණ ප්‍රබලතාවයෙන් යුත් පසු කම්පන කිහිපයක් ද ඇති වී තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
