සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අත්‍යාවශ්‍ය තොරතුරු එකම පියසකින් මාර්ගගතව ලබා ගැනීම සඳහා වන විශේෂ වෙබ් අඩවිය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථානවලට ගමන් මාර්ග හඳුනා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම, ප්‍රථමාධාර සේවා ඇති ස්ථාන සොයාගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සමන්විතයි.
එමෙන්ම ප්‍රධාන පෝලිම් 3හිම මෙයට පිවිසිය හැකි QR කේත ඇතුළත් පුවරු ස්ථාපිත කර තිබෙනවා.
නැතිනම් https://info.sridaladamaligawa.lk/ වෙතින් මෙයට පිවිසිය හැකි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)