බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තිබී පුද්ගලයෙක්ගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දිවුලපිටිය පොලීසියට ඊයේ (15) දිවා කාලයේදී ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවයි.
(colombotimes.lk)