10 September 2025

logo

ASIA CUP | පළමු සටනෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට දැවැන්ත ජයක්



2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය ඊයේ (09) රාත්‍රියේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ඒ B කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි.

මෙම තරගයෙන් ලකුණු 94ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රබල ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 94ක් පමණයි.

(COLOMBOTIMES.LK)