ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම T20 අර්ධ ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට අස්මතුල්ලා ඔමාර්සායි සමත්වුණා.
ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09) පැවති සමාරම්භක තරගයේදී හොංකොං කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 20කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමඟයි.
මීට පෙර මෙම වාර්තාව මොහොමඩ් නබි සතු වී තිබුණා.
ඒ 2017 වසරේදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 21කින් අර්ධ ශතකයක් වාර්තා කරමින්.
(colombotimes.lk)