2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ B කාණ්ඩය යටතේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළේ පසුගියදා පැවති සිම්බාබ්වේට එරෙහි T20 තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව මෙම තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති බවයි.
එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද මෙම තරගයට කැඳවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(COLOMBOTIMES.LK)