15 September 2025

logo

ASIA CUP | ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවන තරගය අදයි



2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය අද (15) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 

ඒ හොංකොං කණ්ඩායමට එරෙහිවයි. 

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බංගලාදේශයට එරෙහිව පසුගියදා පැවැත්වුණා. 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් කඩුලු 6ක දැවැන්ත ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව මේ වන විට B කාණ්ඩයේ දෙවන ස්ථානය ඔවුන් හිමි කරගෙන සිටිනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද හොංකොං කණ්ඩායමට එරෙහි තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් හතරදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට වැඩි අවස්ථාවක් හිමි වනවා.

(colombotimes.lk)