හෙළ සිනමාවේ නිළි රැජිණ අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.
ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
අනතුරුව පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)