දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසාදීම වෙනුවෙන්.
එම වැඩසටහන යටතේ පළමු ආදර්ශ ආපනශාලාව ඊයේ (01) නාරාහේන්පිටදී විවෘත කර තිබෙනවා.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(colombotimes.lk)