ඉන්දුනීසියාව තුළ අප්‍රිකා සූකර උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සංවිධානය පවසනවා.
අප්‍රිකා සූකර උණ රෝගයෙන් මේ වනවිට සූකරයින් 35,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඉන්දුනීසියාවේ බූලන් දූපතේ මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් වාර්තාවල සඳහන්.
මෙම උණ රෝගය මේ වනතෙක් මනුෂ්‍යයෙකුට වැළඳුන අවස්ථාවක් වාර්තා වී නොමැති වූව ද එය සූකරයින්ට මාරාන්තික වනවා.
(colombotimes.lk)