නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අණුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළේ මෙම අයහපත් කාලගුණයත් සමඟ වසර 16කට පසුව චිකුන්ගුන්‍යා වෛරසය මෙරට තුළ වසංගත තත්ත්වයක් බවට පත් වී තිබෙන බවයි.
මෙරට ව්‍යාප්ත වෙමින් පවතින 2025 චිකුන්ගුන්‍යා ප්‍රභේදයේ අද්විතීය විකෘතියක් පෙන්නුම් කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඇය කියා සිටියේ චිකුන්ගුන්‍යා රෝගයේ ලක්ෂණ ලෙස උණ, හන්දිපත් රුදාව සහ ඉදිමුම, මාංශපේෂී වේදනාව හා හිසේ කැක්කුම පෙන්නුම් කරන බවයි.
(colombotimes.lk)