2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ සියළුම විදුහල්පතිවරුන් තම පාසලට අදාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් ප්‍රවේශ පත්‍ර භාරගත යුතු බවයි.
අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ අපේක්ෂකයන්ගේ නම් මාධ්‍ය හා විෂය සංශෝධන තිබේ නම් හඳුන්වාදී ඇති වෙබ් අඩවිය තුළින් එම කටයුතු සිදුකළ හැකි බවයි.
ඒ අනුව එම සංශෝධන සිදු කිරීම ලබන 31වනදා අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
2025 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10වනදා සිට දෙසැම්බර් 5වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දෙසැම්බර් මස 6වනදා විභාග මධ්‍යස්ථාන 1665කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
