25 October 2025

logo

කොලොම්බියානු ජනපතිට එරෙහිව ඇමරිකාවෙන් සම්බාධක



කොලොම්බියානු ජනපතිට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. 

ඇමරිකාව එම තීරණය ගෙන ඇත්තේ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට අපොහොසත්වීම හේතුවෙන්. 

ඔහු මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් නැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

මේ තත්ත්වය හමුවේ කොලොම්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට පෙට්‍රෝගේ බිරිඳට සහ වැඩිමහල් පුතාට ද ඇමරිකාවේ පිහිටා තිබෙන ඔවුන්ගේ දේපළවලට ප්‍රවේශ වීමද තහනම් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)