25 October 2025

logo

මුහුදේ අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් වන ලකුණු



ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින්, බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතිය අද (25) සිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔක්තෝබර් 27වනදා වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවයි. 

දිවයින පුරා පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28වනදා දක්වා පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

(colombotimes.lk)