ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් අනතුරෙන් විපතට පත්වූ පිරිස ගලවා ගැනීමේ කටයුතු සඳහා සහායවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් 02ක් යොදවා තිබෙනවා.
ඒ අනුව MI-17 හෙලිකොප්ටර් යානයක් දියතලාවේද Bell 412 හෙලිකොප්ටර් යානයක් වීරවිලද ස්ථානගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
හදිසි රෝගීන් කොළඹට ගෙනඒමට හෝ වෙනත් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා තවදුරටත් මෙම හෙලිකොප්ටර් සූදානම් බව ගුවන් හමුදාව පවසනවා.
(colombotimes.lk)