05 September 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරීම සඳහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථය අද (05) උදෑසන හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 105 ½ සැතපුම් කණුව අසළ පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

උලපනේ සිට කොටගල දක්වා දුම්රිය පීලි ප්‍රවාහනය කළ ට්‍රැක් මෝටර් රථයේ එන්ජිමක් මෙලෙස පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

එම ට්‍රැක් මෝටර් රථයේ කාර්ය මණ්ඩලය විසින්ම එන්ජිම පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ. 

පීලි පැනීමට ලක් වූ ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම පීලි ගත කරන තෙක් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත් ධාවනය වන දුම්රියන් රොසැල්ල දක්වා ධාවනය වන බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළා. 

(colombotimes.lk)