ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ අනතුරට පත් වූ බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
යුද හමුදා කණ්ඩායම්වල මැදිහත්වීමෙන් එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනතුරට පත් බස් රථය සහ බස් රථයේ ගමන්ගත් මගීන්ගේ බඩුමුට්ටුද ගොඩ ගැනීම සිදු කරන බවට තොරතුරු වාර්තා වනවා.
ඇල්ල අනතුරින් තුවාල ලැබූවන් ප්‍රවාහනයට හා හදිසි සහය දැක්වීමකට MI-17 හෙලිකොප්ටර් යානයක් දියතලාවේද Bell 412 හෙලිකොප්ටර් යානයක් වීරවිලද ස්ථානගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)