05 September 2025

logo

මාරක බස් අනතුරෙන් මිය ගිය තවත් පිරිසක් ගැන අනාවරණයක්



ඇල්ල බස් අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු නගර සභා සේවකයන් 13දෙනෙක් මියගොස් තිබෙන බව පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසනවා.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි. 

විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා. 

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙක් සහ බස් රථයේ රියදුරුද සිටින බවයි. 

(colombotimes.lk)