22 November 2024


අකුරණ නගරය ජලයෙන් යටවෙයි



දිවයිනේ පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ මහනුවර යාපනය A 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවී තිබෙනවා.
 
අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශද ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් A 09 මාර්ගයේ වාහන ගමනාගමනය පැය 03කට වැඩි කාලයක සිට ඇණහිට තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)