20 January 2026

logo

හෙලිකොප්ටර් යානයේ සිටි සියලුම සෙබළුන් රෝහල් ගත කරයි



ආපදා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටී ගුවන්හමුදවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය වෙන්නපුවේ ලුණුවිල ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්වුණා.

ගුවන් හමුදාව සඳහන් කළේ හෙලිකොප්ටර් යානය තුළ කාර්ය මණ්ඩලයේ 5දෙනෙක් සිටි බවයි. 

ඔවුන් කඩිනමින් මුදා ගෙන මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)