24 November 2025

logo

කැනඩාව සහ ඉන්දියාව අතර වෙළඳ සාකච්ඡා නැවතත්



නව වෙළඳ ගිවිසුමක් සඳහා ඇණහිට තිබූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කැනඩාව සමඟ එකඟ වී ඇති බව ඉන්දීය රජය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය තාන්ත්‍රික මතභේදයකින් පසුව වසර 02කට පෙර දෙරට අතර සාකච්ඡා නතර වී තිබූ බවයි. 

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හී පැවති ජී - 20 සමුළුවට සමගාමීව ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වූ අවස්ථාවේදී යළි මෙලෙස එකඟතාවයට පැමිණ තිබෙනවා. 

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඒ අනුව ‍2030 වන විට දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා දෙගුණ කිරීම අරමුණු කරගත් ඉහළ අභිලාෂකාමී විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නායකයන් එකඟ වූ බවයි. 

(colombotimes.lk)