24 November 2025

logo

ටයිටැනික් නෞකාවේ මගියෙක්ගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට අලෙවි වෙයි



1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියෙක් සතුව තිබියදී සොයාගත් ඔරලෝසුවක් ඇමරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එංගලන්තයේ පැවති වෙන්දේසියකදී මෙලෙස අදාළ ඔරලෝසුව අලෙවි වී තිබෙන බවයි.

එමෙන්ම ටයිටැනික් නෞකාවේ තිබී සොයාගත් භාණ්ඩයකට වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම මෙය වී තිබෙනවා. 

ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙක් වන ඇමරිකානු ව්‍යාපාරිකයෙක්ට අයත් ඔරලෝසුවක් මෙලෙස වෙන්දේසි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

1912 වසරේ අප්‍රේල් මස 14වනදා නිව්යෝක් බලා යාත්‍රා කරමින් තිබූ ටයිටැනික් නෞකාව, අයිස් කන්දක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් 1500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් මියගිය එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර අත්ලාන්තික් සාගරයේ තිබී දින කිහිපයකට පසු සොයාගෙන තිබූ අතර ඔහු සතුව තිබූ රත්රන් ඔරලෝසුවක් මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ බවයි. 

එම ඔරලෝසුවේ වේලාව අලුයම 2.20ට එනම් ටයිටැනික් නෞකාව අනතුරට පත් වූ අවස්ථාවේ නරත වී තිබෙනවා. 

(colombotimes.lk)