ගෑස් මිල අඩු කළද ආහාර මිලෙහි කිසිදු වෙනසක් නෑ



ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කළද එම මිල අඩුවීමට සාපේක්ෂව ආහාර වර්ගවල මිල ගණන් අඩුකළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ ඉදිරියේදී විදුලි බිල අඩු කළහොත් එය ද සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට සහනයක් ලබාදිය හැකි බවයි.  
(colombotimes.lk)