රේගු ආඥා පනතේ 47, 57, සහ 153 වගන්ති සංශෝධනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2022.10.03 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ ආදායම් රැස් කිරීම, විනිවිදභාවය, වෙළඳාම සඳහා පහසුකම් සැලසීම සහ අනුකූලතා අවශ්‍යතා වැනි කරුණු සම්බන්ධයෙන්.
එමෙන්ම ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගනු ලැබ ඇති භාණ්ඩ නිදහස් කිරීමට අදාළව පවතින ගැටලු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ සැලකිල්ලට ගනිමින් රේගු ආඥා පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා ද 2023.09.04 කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව යෝජිත සංශෝධනයන්ට අදාළව රේගු ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණා.
(colombotimes.lk)