ඉරාන ඩ්‍රෝන යානාවලින් ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකාව යුක්‍රේනයෙන් සහය ඉල්ලා ඇති බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා.
ඔහු කියා සිටියේ යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයන් තමන් සමඟ සම්බන්ධ වෙමින් සිටින බවත් ඇමරිකානු පාර්ශ්වයෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි.
අවශ්‍ය සම්පත් සැපයීමට සහ අවශ්‍යය ආරක්ෂාව සහතික කළ හැකි යුක්‍රේන විශේෂඥයන්ගේ සහභාගීත්වය තහවුරු කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව Volodymyr Zelensky සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
