colombotimes.lk
සිංහල | English

06 May 2024

ඇමරිකාවෙන් පාකිස්ථානයට අනතුරු අඟවයි



ඉරානය හා අවබෝධතා ගිවිසුම්වලට එළැඹි පාකිස්ථානයට සම්බාධක පැනවිය හැකි බවට ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා.

අදාළ අවබෝධතා ගිවිසුම් 8 සඳහා අත්සන් තැබුණේ අද (24) අවසන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ තෙදින පාකිස්ථාන නිල සංචාරය අතරතුරදීයි.

ජනාධිපති රයිසි සහ පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරිෆ් අභියස මෙම ගිවිසුම් අත්සන් කළා.

දකුණු ආසියානු කලාපීය සංචාරයක නිරන ඉරාන ජනාධිපති අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

(colombotimes.lk)