16 October 2025

logo

වැඩි මිලට පානිය ජලය විකුණු වෙළෙඳුන්ට ගැසූ දඩ මුදල් ප්‍රමාණය හෙළි කරයි



අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව සිදු කළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ පසුගිය අප්‍රේල් මස පළමු දින සිට සැප්තැම්බර් 30දක්වා වූ මාස 06ක කාලය තුළ සිදු කළ වැටලීම්වලින් මෙම දඩ මුදල් අයකරගෙන ඇති බවයි. 

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 306ක් සිදුකර ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකර තිබෙනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඉදිරියටත් අඛණ්ඩව මෙම වැටලීම් සිදු කරන බවයි. 

(colombotimes.lk)