දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරුව අතර බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.
එමනිසා එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
