රෝහල් ගතකර සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය යළිත් අයහපත් අතට හැරී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතාවය තවමත් පවතින බවයි.
ඒ හේතුවෙන් උන්වහන්සේට කෘතිමව ඔක්සිජන් ලබාදීම සිදු කරනු ලබනවා.
කෙසේවෙතත් පාප් වහන්සේට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කියා සිටියේ උන්වහන්සේගේ වර්තමාන තත්ත්වය නිර්ණය කිරීමට තව පැය 24 කාලයක් හෝ පැය 48ක කාලයක් අවශ්‍ය බවයි.
(colombotimes.lk)