22 November 2024


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට



හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළා.

වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)