29 July 2025

logo

රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකවරයෙක් අත්අඩංගුවට



රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙක් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්.  

මාලඹේ පොලිස් වසමේ කුඩාදෙනිය පටුමග, හෝකන්දර දකුණ ප්‍රදේශයේ නිවසකදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එහිදී හෙරොයින් ග්‍රෑම් 265ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 58ක පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)