29 July 2025

logo

යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවට කාල සීමාවක්



යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟ වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට නව කාල සීමාවක් නියම කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා දින 10ක හෝ 12ක නව කාල සීමාවක් නියම කරන බවයි.

ඊට අවනත නොවේ නම් සම්බාධක හෝ ද්විතීයික තීරුබදු පනවන බවටද ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)