11 July 2025

logo

තාප්පය කඩා වැටීමේ සිදුවීමට අදාළ පාසලේ විදුහල්පතිවරයාට පහර දීමක්



තාප්පය කඩා වැටීමේ අනතුරෙන් මියගිය සිසුවියගේ පාසලේ විදුහල්පතිවරයා රෝහල්ගත වී තිබෙනවා.

ඒ, තමන්ට ගම්වැසියන් පිරිසක් පහර දුන් බවට පවසමින්.

ඔහු මේ වන විට ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අද (15) මෙම අනතුර සිදු වූයේ වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේදියි.

එම අනතුරෙන් එක් සිසුවියක් මිය ගිය අතර තවත් සිසුවියන් දෙදෙනෙකු සහ තවත් සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
(colombotimes.lk)