07 February 2025


උඩ දියළුම ඇල්ල අසලදී යුවළකට වන අලි ප‍්‍රහාරයක් - තරුණියක් ජිවිතක්ෂයට



හපුතලේ - කොස්ලන්ද දියළුම දිය ඇල්ලේ, ඉහළ ප‍්‍රදේශය වන උඩ දියළුම ප‍්‍රදේශයේ රාත්‍රී කඳවුරු බැඳ රාත්‍රිය ගත කිරීමට සූදානම් වූ යුවළකට වන අලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇය මාතර ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් බව කොස්ලන්ද පොලිසිය පැවසුවා. 
 
මෙම වන අලි ප‍්‍රහාරයෙන් ඇයගේ පෙම්වතා බවට පැවසෙන 22 හැවිරිදි වාරියපොල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. 
 
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
(colombotimes.lk)
May be an image of 1 person and grass
May be an image of 1 person and grass
May be an image of 7 people, people camping, people climbing, mountain and tree
May be an image of 7 people, ambulance, van and text