17 July 2025

logo

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීම පිළිබඳ හෙළිදරව්වක්



රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් සිරවී සිටින අවස්ථාවක මෙවැනි ප්‍රකාශ කිරීම රටේ සියලුම බැංකු ගණුදෙනුකරුවන්ට පීඩනයක් ගෙනදෙන්නක් බවයි.
(colombotimes.lk)