colombotimes.lk
සිංහල | English

21 September 2024


මෙරට ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතයේ වැඩිවීමක්



මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10 % ක් අවුරුදු 14ට අඩු දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසනවා. 

හොඳින් ළාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4 % ට වඩා අඩු විය යුතු බවයි එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ. 
 
මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1,155 දෙනෙකු වාර්තා වී තිබෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)